මේ දවස් වල ගොඩක් අය ජනෙල් 7 ට මාරු වෙලා තියෙනවා. හරිම සිම්පල් ප්ලෑන් එකක් ඒක. මයික්‍රොසොෆ්ට් සමාගම හදපු හොඳම ජනේලය කියලා කියන්න පුලුවන්.
ඉතින් අද මම කියන්න යන්නේ ජනෙල් 7 එදිනෙදා භාවිතා කරනකොට වැදගත් වෙන අංග කීපයක් ගැන තමයි.
පරිගනකය නිවා දමන්න වෙලාවක් සකස් කිරීම.හිතන්න ඔබ මොකක් හරි වැදගත් වැඩක් කර කර ඉන්න කොට පරිගනකය අතරමග නිමා දමන්න වෙනවා කියලා. ඔබ කරන වැඩේ ආපහු මුල ඉඳන් කරන්න වෙනවා නම්. මේ වගේ වෙලවට පරිගනකය ස්වයංක්‍රීයව නියම කල වේලාවකට නිවා දමන්න පුලුවන් නම්..... මරු නේද.....
ගොඩක් අය වෙනම මෘදුකාංග භාවිතා කරනවා. ඒත් ජනෙල් 7 මේක ඇතුලත් කරලාම තියෙනවා. ඒක කරන්නේ මෙන්න මෙහෙමයි.

ජනෙල් 7 Command Prompt ක්‍රියාත්මක කරන්න. ඊට පස්සේ
'shutdown /t 180 /s’ටයිප් කරන්න. මෙහි 180 කියන්නේ ඔබට අවශ්‍ය වේලාව තත්පර වලින්. පැය වලින් වේලාව දක්වන්න ඔනේ නම් '/s' වෙනුවට '/h' යොදන්න.
පරිගනකයේ දෘඩාංග විශ්ලේෂකයඔබේ පරිගනකයේ දෘඩාංග පිලිබඳ ඉතා සවිස්තරවත් විශ්ලේෂනයක් මෙමගින් ලබා ගත හැක.

මෙය ක්‍රියාත්මක කිරීම සඳහා START මෙනුවේ Search programs and files හි
‘perfmon /report’යනුවෙන් ටයිප් කරන්න.
Send to සඳහා තමන්ට අවශ්‍ය ලින්ක් එකක් දැමීම.අපි ගොඩක් වෙලාවට යමක් තමන්ගේ pen drive එකට කොපි කරගන්න ඕනෙ උනාම Right click කරලා Sent to කියන මෙනුව භාවිතා කරනවා. එතනට අපිට අවශ්‍ය ස්ථානයන් දාගන්න පුලුවන් නම් මරු නේද... ඒක කරන්නේ මෙහෙමයි.

My computer ගොස් address bar එකේ
'shell:sendto'ලෙස ටයිප් කරන්න. ඊට පසු ඔබට අවශ්‍ය shorcut එක යොදා ගන්න පුලුවන්
Source