එක්සත් ජනතා නිදහස් සන්ධාන ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා සිය මැතිවරණය වෙනුවෙන් රාජ්‍ය දේපල භාවිත කරමින් මැතිවරණ නීති උල්ලංඝනය කරන බව මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්ෂණ ජාලය පවසයි. එහි ප්‍රධාන විධායක ආචාර්ය උදිත ගුණසේකර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයකින් මේ බව දක්වා ඇත. එම නිවේදනය මෙසේය.
"2010 ජනවාරි 26 දින පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන එක්සත් ජනතා නිදහස් සන්ධාන ජනාධිපති අපේක්‍ෂකයාගේ නිට්ටඹුව ප‍්‍රචාරක රැස්වීමේ ප‍්‍රවාහන කටයුතු සඳහා ලංකා ගමනා ගමන මණ්ඩලය සතු බස් රථ සිය ගණනක් යොදා ගෙන ඇති බවට මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්ෂණ ජාලය (NEM IHR) වෙත වාර්තා වී ඇත. ඒ සඳහා රත්මලාන ඩිපෝවට අයත් අංක 63-3177, GB-5484,NA-1250, NA-3392, මාතර ඩිපෝවට අයත් NA-3480, NA-1243, NA-1368, කළුතරඩිපෝවට අයත් NA-4141, තලංගම ඩිපෝවට අයත් NA-4812, මොරටුව ඩිපෝවට අයත් GC-1256, GC-1247, අළුත්ගම ඩිපෝවට අයත් NA-4158, පානදුර ඩිපෝවට අයත් NA-1495, හක්මණ ඩිපෝවට අයත් NA-4383, බස් රථ අංක උදාහරණ වේ.
මීට අමතරව අම්බලන්ගොඩ, කැස්බෑව, මට්ටක්කුලිය, කඩවත, හක්මණ, ගණේමුල්ල ඩිපෝවලට අයත් බස්රථ යොදවා ඇති බව වාර්තා වේ.මේ ආකාරයෙන් දිගින් දිගටම රට පුරා පිහිටි ලංගම සතුව මහජනයාගේඑදිනෙදා ප‍්‍රවාහන පහසුකම් සැපයීම සඳහා යොදා තිබෙන බස් රථ එයින් ඉවත් කර එක්සත් ජනතානිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්‍ෂකයාගේ මැතිවරණ ප‍්‍රචාරක රැස්වීම් සඳහා යොදවා ගෙන ඇත.එම සෑම බස් රථයකම නීති විරෝධී ලෙස ජනාධිපතිවරණ අපේක්‍ෂකයාගේ ඡායාරූප රැගත් පෝස්ටර්අලවා ඇත.
මේ පිළිබඳව දිගින් දිගටම බලධාරීන් දැනුවත් කළ ද කිසිදු ප‍්‍රතිඵලයක් ලැබී නොමැත. රාජ්‍ය සම්පත් මහාපරිමාණයෙන් මැතිවරණ ව්‍යාපාරය සඳහා යොදවා ගැනීම බරපතළ ලෙස මැතිවරණ නීති රීතිඋල්ලංඝනය කිරීමකි. එමෙන්ම මෙම තත්ත්වය නිදහස් හා සාධාරණ මැතිවරණ ක‍්‍රියාවලියකට බරපතළලෙස බාධා පමුණුවන බව මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්‍ෂණ ජාලයේ (NEM IHR) අදහසයි.


